ඉස්සරහට මේ හාල් අරගෙනත් ඉවරයි - මිල ඉහළට
එළඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවයි.
එමෙන්ම වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මාෆියාව ක්‍රියාත්මක වීමක් දැකගන්නට ලැබුණද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.