ඉස්සරහට ඔන්ලයින් ෂොපින් කරන්න වෙන්නේ මෙහෙම - දැනුම්දීමක්

Report

ඉදිරි අනාගතයේදී මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බව ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ සඳහා පදනම සකස් කරමින්, ගූගල් සමාගම මඟින් "Universal Commerce Protocol" (UCP) නමින් නව විවෘත ප්‍රමිතියක් හඳුන්වා දී ඇත.

එම නව තාක්ෂණය ඔස්සේ AI Agentsලා හට සාප්පු සවාරි ක්‍රියාවලියේ සෑම පියවරකදීම එකිනෙකා සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන්. එමෙන්ම UCP යනු විවිධ වෙළෙඳ වේදිකාවල සිටින AI පද්ධතිවලට එකම භාෂාවකින් කතා කිරීමට ඉඩ සලසන නව ක්‍රමයක් වේ.

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

එබැවින් Gemini app එක හෝ AI Mode ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට නොගොස් සෘජුවම භාණ්ඩ මිලදී ගැනීම හැකියාව ලැබෙනු ඇත.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා Shopify, Etsy, Wayfair, Target සහ Walmart වැනි ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් ගූගල් සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ද සඳහන්.

මේ අතර සුන්දර් පිචායි දක්වන්නේ මෙමගින් පාරිභෝගිකයාට වඩාත් පෞද්ගලිකවූත්, වේගවත්වූත් අත්දැකීමක් හිමිවන බවයි. එසේම AI Agentsලා හට භාණ්ඩයක විස්තර, මිල, එය පවතින්නේද යන්න (Availability) සහ ගෙවීම් පද්ධති වෙත සෘජුව ප්‍රවේශ විය හැකි බැවින්, අතරමැදි බාධාවකින් තොරව ගනුදෙනුව අවසන් කළ හැකි බව ද වාර්තා වේ.

එමඟින් ව්‍යාපාරිකයින්ට, විශේෂයෙන්ම කුඩා පරිමාණයේ විකුණුම්කරුවන්ට, AI මෙවලම් ඔස්සේ වැඩි පාරිභෝගික අවධානයක් දිනා ගැනීමට මග පෑදෙන බව සඳහන්.

Google සමාගමට උදේම සුබ ආරංචියක් - ඩොලර් ට්‍රිලියන 4 පනී

Google සමාගමට උදේම සුබ ආරංචියක් - ඩොලර් ට්‍රිලියන 4 පනී

ට්‍රම්ප් පන්න පන්න පළි ගයි - මේ රටවල්වලට 25%ක තවත් තීරු බද්දක්

ට්‍රම්ප් පන්න පන්න පළි ගයි - මේ රටවල්වලට 25%ක තවත් තීරු බද්දක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්