සහල් සම්බන්ධයෙන් රට පුරා ජනතාවට දැනුම් දීමක්..

Business Mobile Sri Lanka Fried rice Businessman
By Aruna Jun 12, 2022 12:31 AM GMT
Aruna

Aruna

Report

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිළක් නියම කිරීමෙන් පසු වී මෝල් හිමියන් සහල් වර්ග නිකුත් කිරීම සීමා කර ඇතැයි තොරතුරු වාර්තාවන බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙය පාලන මිලක් පැනවීමෙන් අනතුරුව සහල් නිෂ්පාදකයන් අනුගමනය කරනු ලබන සාමාන්‍යයෙන් අනුගමනය කරන පියවරක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙළද අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ සීනි හා පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන් තවදුරටත් ඉහල ගියහොත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවයි.

මේ මොහොතේ සහල් තොග විශාල වශයෙන් රැස් කිරීමෙන් වළකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

තොග රැස් කිරීම සහ වැඩිපුර මිලදී ගැනීම් හේතුවෙන් නිෂ්පාදකයන් මිල වැඩිකිරීම සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now