සහල්,පරිප්පු සහ සීනි මිල අහස උසට යයි..අඩු මිලට ගන්න ජනතාව පෝලිමේ..
By Aruna
හැටන් සතොස ශාඛාවට (19) දින සහල්,රතු පරිප්පු සහ සිනි තොග ලැබිමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිල දී ගැනිමට පාරිභෝගිකයන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටි බව වාර්තා වනවා.
සතොස ශාඛාව මගින් පොන්නි සම්බා කිලෝවක් රු 175 , දේශිය රතු කැකුළු කිලෝවක් රු 145 , රතු පරිප්පු කිලෝවක් රු 489 , දුඹුරු සිනි කිලෝවක් රු 170 වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් , රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සිනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ.
එම ආහාර ද්‍රව්‍ය වෙලදපොලේ ඉතා අධික සිල්ලර මිලකට අලෙවි කරන නිසා හැටන් සතොස ශාඛාවෙන් එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට විශාල පිරිසක් පොලිම් වල රැදි සිටිහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |