රයිස් සහ කොත්තු මිල ගණන් අද සිට පහත බසී..

Report

අද සිට බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, මිල සංශෝධනය වෙළෙඳුන්ට බලපාන නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ද හිමිවිය යුතු බවයි.

එමෙන්ම ආහාර සහ බේකරි ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් දීර්ඝ කාලීනව ආපනශාලා සහ හෝටල්වල ව්‍යාපාරික කටයුතු අවසන් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.