සහල් බලාපොරොත්තුවෙන් සිටිය පාරිභෝගිකයන්ට මෙන්න සුබ පණිවිඩයක්..

By Aruna Dec 27, 2024 04:16 AM GMT
Report

සහල් හිඟයට විසදුමක් ලෙස රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට හදිසි නියෝගයක්..

වහාම ක්‍රියාතමක වන පරිදි දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවීමට හදිසි නියෝගයක්..


එහිදි වෙළෙඳ අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසන්නේ, සහල් මෙට්‍රික් ටොන් 5,200ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, අදාළ නෞකාව දිවයිනට පැමිණෙන බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කෙරුණත් එම නෞකාව පැමිණ නොතිබුණි.

අද හෙට සහ අනිද්දා විශේෂ දින වෙයි..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.

අද හෙට සහ අනිද්දා විශේෂ දින වෙයි..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.


මේ අතර, සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වන විට අසාර්ථක වී ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කරන ලදී.

ඒ එම පක්ෂ කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින්.

You May Like This Video