සහල් කිලෝවක් රුපියල් 500 කරන්න සූදානමක්..
By Aruna
ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවනවා.
දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර තිබේ.
ප්‍රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවයි.
දැනටමත් දේශීය සහල් වර්ග වල මිල රුපියල් 250 සීමාවේ පවතින අතර මේ මාසය අවසන් වන විට එය රුපියල් 300 දක්වා වැඩි වනු ඇතැයි ද වෙළඳුන් කියා සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |