ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට බිලියන ගණනක ලාභයක් - “ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වේ”

Report

වෙළෙඳපොළේ මිල අධික ප්‍රධාන ඖෂධ වර්ග 13ක මිල නියාමනය කිරීම තුළින් රජයට ලැබුණු ලාභය රුපියල් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කළ හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ මිල අධික ප්‍රධාන ඖෂධ වර්ග 13ක් සඳහා මිල නියාමනය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් රජයට ලැබුණු ලාභය රුපියල් බිලියන 5.7ක් පමණ වන බවයි.

“මිල වැඩි ප්‍රධාන ඖෂධ 13කින් විතරක් මිල නියාමනය තුළින් රජයට වෙච්ච ලාභය විදියට ඇස්තමේන්තු කරන්න පුළුවන් රුපියල් බිලියන 5.7ක්,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

එමෙන්ම ඖෂධ මිල නියාමනය හරහා ජනතාවට ලැබෙන ලාභය ඔවුන් භාවිත කරන ඖෂධ වර්ගය අනුව වෙනස් වන බව ද ඔහු සඳහන් කළේය. මිල අඩු කිරීමට හැකි වූ ඖෂධ අතර දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කරන ඖෂධ ද පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ඩීසල් සමඟ බස් ගාස්තුත් වැඩි වෙයිද?” - ගැමුණුගෙන් මගී ජනතාවට කොළ එළියක්

“ඩීසල් සමඟ බස් ගාස්තුත් වැඩි වෙයිද?” - ගැමුණුගෙන් මගී ජනතාවට කොළ එළියක්

අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට සැලැස්මක් - “බිලියන ගණනක් වියදම් කර සිදු කරන්න යන යෝධ සංවර්ධනයක්”

අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට සැලැස්මක් - “බිලියන ගණනක් වියදම් කර සිදු කරන්න යන යෝධ සංවර්ධනයක්”