විශ්‍රාම වැටුප් නැද්ද? රැකියාව ගන්න ව්‍යාජ සහතික ඉදිරිපත් කරාද? පරීක්ෂණ ඇරඹෙයි
අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ උපදෙස් පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට නිසිකලට විශ්‍රාම වැටුප් නොලැබිමේ ගැටලුව විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී වාර්තා වූ ආකාරයට ලිපිගොනු විශාල සංඛ්‍යාවක රාජකාරී කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් විශ්‍රාම ගිය සේවකයින් පිරිසක් අපහසුතාවට ලක්ව සිටින බවත් මේ පිළිබද සොයා බලා විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කිරීම සදහාත් සාකච්ඡාව සිදුව ඇත.
මෙම සාකච්චාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා ඇතුලු පිරිසක් ඊට එක්වූ අතර එහිදී පරිගණක දත්ත පද්ධතියේ ගැටලු මෙන්ම පරිපාලන ගැටලු කිහිපයක් පිළිබදව ද මෙහිදි අවධානය යොමුව ඇත.
එමෙන්ම සමෘද්ධි අධිකාරිය / දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමෙන් පසු සේවක අර්ථ සාධක අරමුදල වෙනුවට රජයේ විශ්‍රාම වැටුප ගණනය කිරිමේ දී ඇති වු ගැටලු ද මෙහිදි අවදානයට ලක් වූ අතර සේවයට බැදිමේ දී ඇතැම් සේවකයන් ව්‍යාජ සහතික ඉදිරිපත් කර තිබිම ඌණ සුදුසුකම් ආදි ගැටලු ගණනාවක් පිළිබදව ද සාකච්ඡා කර ඇත.
පරිපාලන ගැටලු විසඳා ගැනීමටත් ගැටලු නොමැති ලිපිගොනු කඩිනම් කිරීම සඳහා රාජකාරී විමධ්‍යගත කිරීමටත් මෙහිදි යෝජනා කෙරුණු අතර ප්‍රශ්නගත ව්‍යාජ සහතික ඉදිරිපත් කර දීර්ඝ කාලයක් සේවය කර ඇති කණ්ඩායම පිළිබද තොරතුරු ලේඛනයක් සකස් කර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.