ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

Report

රටේ ආරක්ෂක ලේකම් ධුරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දෙන ලෙස නිතීඥ මනෝජ් ගමගේ පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ සහ පරිනත පුද්ගලයෙක් බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බැවින් ඔහුට එම ධූරය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවය.

එමෙන්ම හිටපු ජනාධ්හිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අතීතයේදී මෙරට සෑම කටයුත්තකටම සෘජුව තීන්දු තීරණ ගත් නායකයන් බැවින් ඔවුන්ගේ ජීවිත ගැන බියක් පවතින බවද ඔහු එහිදී කියා සිටියේය.

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ මනෝජ් ගමගේ මහතා;

“අපිට අපේ නායකයන්ගේ ජීවිතය ගැන බයයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතය ගැන බයයි. ගෝඨාභය රාජපක්ෂ ගැනත් බයයි. මොකද ඔවුන් අතීතයේදී මේ සෑම දේකට විරුද්ධවම එඩිතරව, සෘජුව තීන්දු තීරණ ගත්ත නායකයන්.ඔච්චර රාජපක්ෂලගේ නම කිය කිය කෙඳිරි ගාන්න එපා.

ඔබතුමන්ලා කියනවානේ දැන් බලාගෙන ගියාම මෙ රට තාමත් පාලනය කරන්නේ රජයේ මැති ඇමතිවරු කියන විදියට රාජපක්ෂවරුලු. එහෙනම් අවශ්‍ය නැහැනේ ඔය පුටුවල ඉන්න, වහාම ඔය පුටුවලින් අයින් වෙන්න.

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

රටේ ආරක්ෂක ඇමතිකම බාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට.මාසෙකට භාර දෙන්නකෝ.මේ සියලු ප්‍රශ්න එතුමා විසඳලා පෙන්නයි. මොකද එතුමාට තියෙනවා ආරක්ෂක ලේකම්වරයා විදිහට දක්ෂ ලෙස මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු නායකයෙක්.  

කෙඳිරි ගාන්න එපා තමන්ට බැරි නම් වැඩේ ලැජ්ජ නැතුව ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙන්නකෝ.."