රිලා ප්‍රශ්නෙට මොකක්ද කරන්න යන්නේ..කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා කිහිපයක්..

Report

වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ධීවරයින් වැඩ වර්ජනයක...පවුල්වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලයි..

ධීවරයින් වැඩ වර්ජනයක...පවුල්වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලයි..

එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය.

"ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව කෑම වැඩිවුණාට පස්සේ, මේ අය ජනතාව ඉන්න ප්‍රදේශවලට ඇදෙන්න පටන් ගත්තා. මේ අය පාලනයට අපි යෝජනා කළා ලංකාවේ ආයතන 15ක් ඒකාබද්ධ කරලා යම් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ වගේම අද පරිසර අමාත්‍යවරයාට යෝජනාවක් භාරදෙනවා මේ සත්ත්ව ප්‍රජාව පාලනයට ගත යුතු පියවරයන් ගණනාවක් සඳහන් කරලා."

ඉන්දියාවේ ඇතිවු මෙවැනිම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙලෙස අදහස් පළ කළේය.

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

අහිතකර තත්වයක්...මේ ප්‍රදේශ වල ඉන්න ඔබ සැලකිලිමත් වන්න..

"දැනට ඉන්දියාවේ ජම්බු සහ කාශ්මීර් කියන ප්‍රාන්තවල කරපු පර්යේෂණ ගණනාවක් තියෙනවා. රිළවුන් වද කිරීමේ දී වන්ද්‍යකරණ සැත්කම් පමණක් නෙමෙයි. ආහාරවලට වන්ද්‍යකරණයට වීමට අවශ්‍ය බෙහෙත් කලවම් කරලා දෙන එක. නැත්නම් වෙනත් හෝමෝන වන්ද්‍යකරණය සඳහා යොදා ගැනීම. තවත් රටවල වෛරස් වගේ දේවල් යොදාගෙන තියෙනවා. අපිට විශේෂයෙන් සත්තු වනද්‍යාකරණයට අවශ්‍ය හෝමෝන ආහාර මාර්ගයෙන් ලබාදෙන්න. එවිට යම් ප්‍රමාණාත්මකව තමා මෙය කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් ලංකාවට ආවේණික උප විශේෂයක් වන macaca sinica රිළවුන් වදවීමේ යෑමේ අවධානමක් තියෙනවා. මේක පර්යේෂණයකින් පස්සේ ආරම්භ කරන්න මේක."  


You may like this video