භයානක අනාවරණයක්..හදුනා ගත පිරිසෙන් 68ක්ම වාහකයන්..
By Piyumika
වසරේ මුල් මාස 10දී ලාදුරු රෝගීන් 1,084 දෙනෙකු වාර්තා වෙයි මේ වසරේ මුල් මාස 10 දී ලාදුරු රෝගීන් 1, 084 දෙනෙකු වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කළා.
එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සදහන් කළේ, ඔවුන්ගෙන් සියයට 68ක්ම ලාදුරු රෝගය තවත් අයෙකුට බෝ කළ හැකි බවයි.
ලාදුරු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වූ 115 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
2023 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1500 දෙනෙකු පමණ වාර්තා වූ බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත තවදුරටත් කියා සිටියා.
You may like this video