දෘශ්‍යාබාදිත පුද්ගලයින් උදෙසා විශේෂිත ඡන්ද පත්‍රිකාවක්...

Report

එළඹෙන ජනාධිපතිවරණයේ දී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ‍විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසී ය.

''බී කොයින්ස්'' නම් පිරමීඩ ආයතනය ප්‍රචාරය කළ තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්...

''බී කොයින්ස්'' නම් පිරමීඩ ආයතනය ප්‍රචාරය කළ තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්...

මේ අතර ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද එතුමා පැවසී ය.

මැතිවරණයේදී අනන්‍යතාව පැහැදිලිව තහවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇගිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව ලබාදී තිබූ නිර්දේශය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර, ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමෙන් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වන බව මෙහිදී කරැණු සාකච්ඡා විය.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ යෝජනා කැඳවයි...

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ යෝජනා කැඳවයි...

මැතිවරණ පනත සංශෝධනයට අදාළ සියලු යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.