රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ යෝජනා කැඳවයි...

By Parami Dissanayake Jul 23, 2024 02:57 PM GMT
Report

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර ඇති අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බවයි.

පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි - පැවිදි ශිෂ්‍යයන්ට ජනපති ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව...

පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි - පැවිදි ශිෂ්‍යයන්ට ජනපති ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව...

ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි බව සඳහන් වේ.

කෙසේවෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ය.

සිවිල් නඩු විධාන පනත සම්මත වේ...

සිවිල් නඩු විධාන පනත සම්මත වේ...

ඒ අනුව අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.