මෙරට දේශපාලන ප්‍රබලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක්..

Report

ජුනි මස 20 වන දා දක්වා වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙරට දේශපාලන ප්‍රබලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක්.. | Remand Of Pushpakumara Battige

මෙම නියෝගය ලබා දී ඇත්තේ මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් ය.

ඒ, බලපත්‍රයක් නොමැතිව වටිනා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන සිටිය දී ඔවුන් මුදා ගැනීමට පොලිස් රාජකාරියට බාධා සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ය.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


පසුගියදා කොටවිල පොලීසියේ නිලධාරීන් කොටවිල වරකාපිටිය මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරත වී සිට ඇත.

එම අවස්ථාවේ දී මාර්ගයේ ධාවනය වු කුඩා ලොරි රථයක් පරීක්ෂා කර ඇති අතර එහිදී බලපත්‍රයක් නොමැතිව නැදුන්, මහෝගනී, සහ කොස් යන දැව ලොරි රථයේ තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.

පසුව එම ලොරි රථයේ රියදුරු සහ රිය සහායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න.

රටම කතා වුණ, වැටුප් වැඩි වීම ගැන ලැබුණ සුබ ආරංචියක් මෙන්න.


එම සැකකරුවන් දෙදෙනා කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව වාර්තා වේ.

කෙසේ වෙතත්, විමර්ශනවල දී හෙළී වී ඇත්තේ එම ලොරි රථය යොදා ගනිමින් බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටිය දී ඉකුත් මාර්තු මස 15 වනදා කනංකේ පොලීසිය මගින් ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.