වැඩක් නොකර හම්බකරන විදිහ.. වසර පහමාරක් පුරාවට නිකන්ම අතට පඩිය...

Kandy Sri Lanka Hospitals in Sri Lanka Department Of Audit
By Piyumika Nov 18, 2024 05:40 AM GMT
Piyumika

Piyumika

Report

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප් ලෙස රුපියල් විසිහත්ලක්ෂ,තිස්දෙදහස්,නමසියහතලිස්හතරක (2,732,944) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර දෙයි...

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර දෙයි...

මෙම කාලය තුල රෝහල් බලධාරින් විසින් මෙකි සෞඛ්‍ය රියදුරු වෙත කිසිදු රාජකාරියක් පවරා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ සම්බන්දයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර වගකිවයුතු පර්ශවයන් සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකගවන බවය.

මෙම රියදුරා විසින් ලබාගෙන තිබු වැටුප් රහිත නිවාඩු ගණනය කර දින 57ක් සදහා රුපියල් 90,380ක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත් 2023 දෙසැම්බර් හා 2024 ජනවාරි මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු දින 47ක් සදහා රුපියල් 75811 ක මුදලක් අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha