මොකක්ද මේ වෙන්නේ? ඉදිරි පැය 24ටත් කාලගුණයෙන් රතු නිවේදනයක්

Weather Rain Sinhala news
By Mithu Jun 15, 2025 11:02 AM GMT
Mithu

Mithu

Report

නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට (16) පස්වරු 2.30 වන තෙක් වලංගු වන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

ICU එකටවත් උපකරණ නෑ ලෙඩ්ඩු ටිකට මැරෙන්නද වෙන්නේ? ඖෂධ හිඟය නැතිකරනවයි කියලා ආවේනම්.. දැන් මොකක්ද කියන්නේ?

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව දැනුම් දී ඇත.

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි

ReeCha