නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
සක්‍රියව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑලිය, මහනුවර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 116. 5 ක්.
කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ නිරිත දිග මෝස්ම් තත්ත්වය හේතුවෙන් උතුර, උතුර මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ත් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.
එසේම මධ්‍යම කඳුකරයේ ස්ථාන රැසකට මේවනවිට වැසි සහ තද සුළං තත්ත්වයක් පවතිනවා. මෙම තත්ත්වයත් සමග ස්ථාන රැසක විදුලිය බිඳ වැටීම් ද වාර්තා වන අතර සැපයුම යථාවත් කිරිම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනජීවිතයට බාධා එල්ලවී තිබෙනවා. මේ අතර, දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කලුගග රත්නපුර ප්‍රදේශයෙන්, මගුරු ගග මගුර ප්‍රදේශයෙන් සහ කුඩා ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් මෙලෙස ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑලිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ඨාස කිහිපයකට මෙලෙස අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.
