නීතිඥ සංගමයෙන් සජිත්ට ලියුමක් - 22 ගැන කතාකරන්න ආණ්ඩු-විපක්ෂ මන්ත්‍රීවරුන් එකට ගේන්න

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද (20) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මගින් නීතිඥ සංගමය ඉල්ලා ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තහවුරු කළ හැකි අවස්ථාවක් ලැබෙන තුරු දැනුවත් කිරීමේ වැඩසටහන කල් දමන ලෙසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම කාලෝචිත යෝජනාවක් බවත්, එය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ සඳහා අවස්ථාවක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් නීතිඥ සංගමය පෙන්වා දී ඇත

එවැනි අවස්ථාවක් හිමිවීමෙන්, සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කරන කරුණු මෙන්ම පවතින ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවද එම ලිපියේ සඳහන් වේ.

කාන්තාවනුත් සිගරැට්වලට වැඩි වශයෙන් යොමුවෙලා - දයාසිරිගෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කාන්තාවනුත් සිගරැට්වලට වැඩි වශයෙන් යොමුවෙලා - දයාසිරිගෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජයේ ප්‍රකාශිත ස්ථාවරය අනුව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයට දැනට අවශ්‍ය උනන්දුවක් නොමැති බව පෙනී යන බවද නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විරෝධයක් පළ කර තිබුණද, නීතිඥ සංගමයේ කරුණු පැහැදිලි කිරීමේ සැසිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටද එම කරුණු අපක්ෂපාතීව සලකා බැලීමට ප්‍රයෝජනවත් විය හැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

22 ගැන අධිකරණයට තවත් පෙත්සම් 4ක් ලැබුණු බව කථානායක දැනුම් දෙයි

22 ගැන අධිකරණයට තවත් පෙත්සම් 4ක් ලැබුණු බව කථානායක දැනුම් දෙයි