මත්තල ගුවන්තොටුපොළෙන් සුබ ආරංචියක්
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගී සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත්ව ඇති බව පවසයි.
මෙය 2013 වසරේ ගුවන් තොටුපොළ ආරම්භවීමෙන් පසු මෙය වාර්තා වූ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව වන අතර, 2025 වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වූ බව සඳහන් වේ.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ දත්ත අනුව, 2025 වසරේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටත් සමත් වී ඇත.
පාර්ලිමේන්තුව උණුසුම් කරමින් රෝහණගේ මරණ බිය උඩු දුවයි - මට ආරක්ෂාව දෙනවද නැද්ද කථානායක එක්කත් මල පනී
පසුගිය වසර තුන පුරා මත්තල ගුවන් තොටුපොළේ ගුවන් මගී හැසිරවීම අඛණ්ඩව වර්ධනය වෙමින් තිබුණි. නව රජය බලයට පැමිණීමෙන් පසු මත්තල ගුවන් තොටුපොළට විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් වූ අතර, අතීතයේ ආශ්රිත වනජීවී ගැටලු සහ ආරක්ෂක කරුණු හේතුවෙන් ගුවන් සමාගම් මෙහි ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබියදී එම ගැටලු විසඳීම සඳහා ගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේ ගුවන්යානා පැමිණීමේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබේ.