වාර්තා පොත් අලුත් කළ මුලු රටක පැතුම පැතුම්

Report

පැතුම් නිස්සංක වාර්තා කළ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් විය .

ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගිනි. මෙහිදී තරගයේ කාසියේ වාසිය තමන් දෙසට පෙරළා  ගත්නා  ශ්‍රී ලංකා  කණ්ඩායමේ      නායක දසුන් ශානකගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමටය. 

ලංකා කණ්ඩායම ඊයේ තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබුණේ කමිල් මිෂාර වෙනුවටය.

ඔස්ට්‍රේලියා ඉනිම ට්‍රැවිස් හෙඩ් සමඟින් නායක මිචෙල් මාෂ් ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින්ව මදකට නිහඬ කරමින්ය.

එම සබඳතාව බිඳවැටුණේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 56කට දැවී යාමත් සමගිනි.

තවද මිචෙල් මාෂ් ලකුණු 54 කි. ඒ වගේම මෙම තරගයේ පන්දු යවමින් සිටි මතීෂ පතිරණ වම්පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණි.

මතීෂව අද ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබේ.

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්

නිස්සංකගේ ශතක විරුවන් - ශ්‍රී ලංකාව සුපිරි 8 සිහිනයට තවත් පියවරක්

  විටෙක ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබා සිටියත් ඔවුන්ගේ කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත්විය.

  සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවාගනිද්දී දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181කට සීමාවුණි.

ලකුණු 182ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරායි.

කුසල් ජනිත් පෙරේරා එක් ලකුණුකට දැවීගියේය.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට පැතුම් සමඟ පිටියේ එක්වු කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල පන්දු 66කින් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩයමේ ජය මාවත විවර කරන ලදි.

මෙවර තරගාවලියේදී පිට පිට ලබාගත් තුන්වැනි අර්ධ ශතකය රැස්කරගනිමින් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 20 ට ලකුණු 20ක් රැස්කරගත යුතුව තිබුණි.

මිචෙල් මාෂ් පැතුම් නිස්සංකට සුභ පැතුම් එක්කරමින්, වැරදුණු දේ හෙළි කරයි

මිචෙල් මාෂ් පැතුම් නිස්සංකට සුභ පැතුම් එක්කරමින්, වැරදුණු දේ හෙළි කරයි

ඒ වනවිටත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකර සිටි පැතුම් නිස්සංක පහසුවෙන් එම ඉලක්කය හඹා ගියේ මෙවර 20යි 20 ලෝක කුසලානයේ පළමු ශතකය ද වාර්තා කරමිනි.

පැතුම්ගේ විස්සයි විස්ස ඉනිමේ දෙවැනි ශතකය මෙය වන අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් වුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වේ.

  ඒ වගේම මින් පෙර මීට පෙර ලෝක කුසලායකදී ශතකයක් රැස්කර තිබුණේ මහේල ජයවර්ධන පමණකි මේ අතර 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකයද මෙය වේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසුකර ගොස් තිබේ පන්දුවාර 20 තරගයේදී මව්බිමේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව   ලෙසත් ශ්‍රී ලංකාව මෙම හඹාගිය ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අලුත් කරන්නට සමත් විය.

  ලෝක කුසලාන තරගාවලියකදී හඹාගිය ඉහළම ලකුණු සංඛයාව ලෙසත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණි.

වාර්තා පොත් අලුත් කළ මුලු රටක පැතුම පැතුම් | Record Breaking Century By Pathum

තවද සුවිශේෂී කාරණාවක් වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරන්නේ වසර 17කට පසුව වීමයි .

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

මෙම තරග ජයග්‍රහණයෙන් අනතුරුව නායක දසුන් ශානක පල්ලේකැලේට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් අයර්ලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම අද පරාජය විය යුතුයි.  

කෙටියෙන්ම   මෙම ශතකය තුළින් තැබූ වාර්තා


  • මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය.
  • පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය. 
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් නොදැවී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව.
  • විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය.
  •  විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු. 
  • විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකය.