පිට පිටම පැරදිලත් සුරසැප විදින අයියලා අතර කුඩාම්මාගේ සැලකිලි ලැබෙන අසියානු ශූරී නංගිලා බස් එකෙන් ගෙවල් වලට..(VIDEO)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනෙක ලංකාවට අභිමානයක් ගෙන එමින් ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය .
එම ජයග්‍රහණය පිටුපස සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දහසකුත් බාධක මැදින් ගමනක ප්‍රතිඵලයක් ලෙසියි එම ජයග්‍රහණය සැලකිය හැක්කේ.එයට කදිම උදාහරණයකි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් පෙරළියාකර දස්කමක් දැක්වූ කේ.ඩී උදේෂිකා ප්‍රබෝධනී.

බීමතින් රිය පදවා අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ ගායන ශිල්පියකුගේ පුතෙක් බේරා ගන්න මිතුරා පොලිසියේ යකා නටයි..
ඇය කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ, නාවදගල අක්කර 100 ගමේ අඩු ආදායම්ලාභී පවුලක උපත ලබා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කාන්තා කණ්ඩායමට සම්බන්ධ වූ විශිෂ්ට ක්‍රීඩිකාවකි.
ඇගේ පියාගේ ජීවනෝපාය වූයේ කුරුඳු තැලීමයි.
ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩිකාවක වශයෙන් 2010,2013, 2014, 2016, 2017, 2018, 2020 ປີ ලෝක ශූරතා ක්‍රිකට් තරගවලට සහ ටී-20 ක්‍රිකට් තරගවලට ඉදිරිපත්ව විශේෂ දක්ෂතා දක්වා ඇති විශිෂ්ට ක්‍රීඩිකාවක්.
එමෙන්ම 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැති තරගාවලියේ දී බංගලාදේශය සහ පකිස්තානය සමග පැවති තරග දෙකේදීම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ආරම්භක කඩුලු දෙකම දවා ගැනීමට සමත් වූ ඇය පෙරළිකාර ඉන්දියාව සමග පැවැති අවසන් තරගයේදී දක්ෂතම කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට මහත් දායකත්වයක් ලබා දුන් ක්‍රීඩාවකි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට දායක වූ ඇය ජයග්‍රහණයෙන් පසුව සිය ගමට ගොස් තිබුනේ බස් රථයෙන්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් බස් රථයෙන් ගමන් ගත් ඇය ජයග්‍රගණයේ සතුටත් සමඟ ගමට යනවිට ඇය පිළිගැනීමට පැමිණ සිටියේ ඇගේ පියා ඇතුළු ගම්වාසීන් පමණය.
කිසිදු දේශපාලන නායකයෙක් මේ අවස්ථාවට සහභාගී නොවූ අතර ඇල්පිටිය පොලිස් ස්ථානය ඇගේ පිළිගැනීමේ උළෙලට ආරක්ෂාව සපයා දී ඇති බව වාර්තා වේ.
