ත්‍රීරෝද රථ රියදුරුගේ ඝාතන අභිරහස විසදේ ..
පසුගිය දා කොළඹ - වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථ රියැදුරෙක් ඝාතනය කර ඇත්තේ, ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකෑම සඳහා බවට අනාවරණය කොටගෙන තිබේ.
ඒ අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකැරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ය.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 48 සහ 35 යන වයස්වල පසුවන ගෝනවිල සහ ග්‍රෑන්ඩ්ට්ස් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අතර, ඊට මුදල් සොයාගැනීම සඳහා පුරුද්දක් ලෙස කොල්ලකෑම්වල නිරත වූ බවයි.
ඔවුන් දෙදෙනා තවත් අයෙක් සමග සපුගස්කන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොල්ලකා තිබූ අතර, එම ත්‍රිරෝද රථයෙන් පසුගිය 23 වැනිදා අලුයම වෝඩ් පෙදෙසට පැමිණ ඇත .
ඒ අතරතුර ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරා දුරකථන ඇමතුමක සිටින අයුරු දැක සැකකරුවන් ඔහුගෙන් ජංගම දුරකථනය උදුරාගැනීමට උත්සහ කර තිබේ .
එහිදී ඇතිවූ පොරබැදීමකදී එක් අයෙක් තියුණු ආයුධයකින් ඔහුගේ පපු ප්‍රදේශයට ඇන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය කළ රියැදුරුගේ ජංගම දුරකථනය රුපියල් 4,000ක මුදලකට උකස් කර එම මුදලින් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවට සැකකරුවන් පැවසූ බව පොලිසිය ප්‍රකාශ කර තිබේ .
