මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න එල්ල වූ චෝදනාව පිළිගනී - අධිකරණයෙන් නියෝගයක්

Report

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පසුගිය 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තමන් වරදකරු බවට අද (09) දින පිළිගත් බව වාර්තා වේ.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (09) දින නියෝග කළේ රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙසයි.

චූදිත සඳහා පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මහාධිකරණයෙන් නියෝගයක් - එක්කෝ කෝටියක් නැත්තම් වසර 9ක සිර දඬුවමක්

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මහාධිකරණයෙන් නියෝගයක් - එක්කෝ කෝටියක් නැත්තම් වසර 9ක සිර දඬුවමක්

එබැවින් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහා නියම කරන ලද දඩ මුදල ගෙවීමට යළි මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසයි.

කෙසේ වෙතත් මෙම නඩුව අද දින කැඳවනු ලැබුවේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට හා දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීමටයි.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්