රජය ටෙන්ඩර පටිපාටියට බැහැරව ඩබල් කැබ් මිලදී ගන්න යයි - රවී කරුණානායකගෙන් හෙළිදරව්වක්

Report

වත්මන් රජය ඩබල් කැබ් රථ 1775 ක් මිලදී ගැනීමට සූදානම් වන බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රජය මෙලෙස ගෙන්වීමට සූදානම් ඩබල් කැබ් රථ ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු ,

මහින්ද එක්ක ඒ ඉන්නේ මම නෙමෙයි - කොට්ටහච්චි කට අරි

මහින්ද එක්ක ඒ ඉන්නේ මම නෙමෙයි - කොට්ටහච්චි කට අරි

 ‘‘පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රිවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රිවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයිත් මතු වුණා.

ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000 ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රිවරුන්ගේ 225 අඩු කරලා. මේ වාහන ටික ගේන්න රජයට රු බිලියන 42.8 ක් වියදම් වෙනවා. අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන ජාත්‍යන්තර ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12කට විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕන.මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක් අවමය තිබිය යුතු යි.

ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 cc විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන් කම තියෙන්නේ. අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභය මිලියන 8යි. 3ට 1ක් අඩුයි. මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තවදුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි. මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය.

GovPay මගින් රු. මිලියන 500 කට වැඩි ගණුදෙණු

GovPay මගින් රු. මිලියන 500 කට වැඩි ගණුදෙණු

අපි විදුලියෙන් දුවන වාහන ගෙනාවනම් අපිට කි.මී.1කට ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. එතකොට වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්. ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි.

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

වාහන ගේන්නම ඕන නම් මම කියන්නේ ඩීසල් වාහන ගේන්න එපා. ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. එතකොට මම කිව්වා වගේ ඉන්ධනවලින් අවුරුද්දකට බිලියන 8කුත් වාහනවලට වියදම් කරන මුදලෙන් බිලියන 16කුත් ඉතුරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ඒවා චාජ් කරන්න තැන් නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඉතිරිවන මුදලින් ලංකාව පුරාම චාර්ජ් කරන සෙන්ටර්ස් හදන්න පුළුවන්. ඒක මුළු රට වෙනුවෙන්ම කරන ආයෝජනයක්.‘‘

යනුවෙනි.