GovPay මගින් රු. මිලියන 500 කට වැඩි ගණුදෙණු
ඒ අනුව අද දිනය වන විට ගනුදෙනු වාර 37,715 ක් ඔස්සේ රුපියල් 568,666,330 ක රාජ්‍ය ගනුදෙනු සිදුකර ඇති අතර මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප්‍රමාණයක් එක්ව ඇත.
එමෙන්ම GovPay ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රටේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay විසින් මෙහෙයවන ලද ව්‍යාපෘතියකි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වේදිකාව රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම සිදු වේ.
ඒ අනුව මෙය රජයේ ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීමෙන් විද්‍යුත් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ උත්සහයක් වේ.
GovPay 2025 පෙබරවාරි මස ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීම සැලසුම් කර තිබේ.