රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..

Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Sri Lanka Politician President of Sri lanka Latest Headlines
By krishani Jun 05, 2024 04:10 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්.. | Ranil Wicramasinghe

ඒ අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේ දී ඊයේ (04) පැවැති ජන හමුවකට එක්වෙමින් ය.

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..

මුදල්?. ජනපති විශේෂ තීරණයකට යයි.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් වහාම දන්වයි..


එහිදී ඒ මහතා පැවසුවේ දේශපාලන උවමනාවලින් තොරව රට ගැන සිතූ පිරිසක් එක්කර ගනිමින් දෙවසරක් තුළ මෙරට ආර්ථිකය නැංවූ බවයි.

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්.. | Ranil Wicramasinghe

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

"සමහරු මගෙන් අහනවා කොහොමද මේක කරන්නේ? සමෘද්ධිය වගේ තුන්ගුණයක් දෙනවා. බංකොලොත් ආණ්ඩුවක් මේ දේවල් කරන්නේ කොහොමද?

රජයේ සේවකයින්ට රු.10,000ක දීමනාවක් දුන්නා. ලංකා ඉතිහාසයටම අවස්ථා දෙකකදී දුන්නේ. මේක විජ්ජාවක්ද කියලා මගෙන් අහනවා?

අමාරු කාලයේ අනෙක් නායකයින් ධාවන සපත්තු දමද්දී අපි සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා. මගේ සපත්තු සියල්ලම ගිනි තිබ්බා.

අපි ප්‍රතිපත්ති අනුව වැඩකළ නිසා IMF විශ්වාසය දිනාගත්තා. අපිට විශ්වාසයක් තිබුණා මාස 6කින් ගොඩදානවා කියලා. ලංකාවේ පළමුවරට දේශපාලනය නැති ආණ්ඩුවක් තිබුණා.සර්ව පාක්ෂික විපක්ෂයක් තිබුණා. අපි පක්ෂ අනුව බෙදුණේ නැහැ. දක්ෂතා අනුව බෙදුණේ.

තනි මන්ත්‍රිවරයෙක් ජනපති වෙන්නේ කොහොමද? ආණ්ඩුවක් හදන්න මම හැමෝගෙන්ම ඇහුවා. පිරිසක් එකතුවුණේ නැහැ. ජූලි 9 ඉල්ලා අස්වෙන්න කිව්වා. මම ඉල්ලා අස්වෙන්නේ ඇයි?.මම ඉල්ලා අස්වෙන්නේ කොහොමද? කාටද ලිපිය දෙන්නේ? ජනපතිව හොයන්නේ කොහොමද? නැවේ යනවා... මාලදිවයිනට යනවා.

මම ඉල්ලා අස්වුණා නම් රටේ පාලනය වැටෙනවා. මට හැම පක්ෂයෙන්ම සහාය ලබාදුන්නා. දිනේෂ් ඇමතිතුමාව අගමැති බවට පත්කළා. දේශපාලනය ගැන නොසිතා ඉන්න අය එක්ක වැඩකළා.

උස නම් කැබිනට් ඇමතිලු මිටි නම් නියෝජ්‍ය ඇමතිලු. වසර දෙකක් දේශපාලනයක් නැති කැබිනට්ටුවක්. බනින්න කෙනෙක් නැති වුණාම ඊලොන් මස්ක්ට ඝාතකයාලු. දැන් ඉන්ධන, පොහොර සහ අස්වැන්න තියෙනවා. අපි තවම මේකෙන් ගොඩවෙලා නැහැ. මේ වසර අවසන්වීමට පෙර බංකොලොත් බවින් ගොඩ එන්න පුළුවන්." යනුවෙන් ය.