රනිල්ගේ අලුත් සන්ධානයේ මහලේකම්ගේ නම් අදම එළියට. - හෙට සිදු වන්න යන පෙරළිය මෙන්න.
By Wayomi
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ පත්වනු ඇති බවට ආරංචි මාර්ග පවසනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණගේ නම යෝජනා කළ බවයි.
කෙසේ වෙතත් හෙට (14) දිනයේදී නව සන්ධානය එළිදැක්වීමට නියමිත බව අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියා.