ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා ගැන හෙළි වූ ඇත්ත.?

Report

පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.


දේශීය සංවිධානයක් වන Hashtag Generation විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්තවලට අනුව, වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර ජූනි 30 සිට ජුලි 29 දක්වා Meta වෙළඳ දැන්වීම් සඳහා පමණක් රුපියල් මිලියන 5.1ක් හෝ ඩොලර් 17,000කට වැඩි මුදලක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලර් 13,093ක මුදලකට දැන්වීම් 44ක් ලබා ගනිමින් ‘රනිල් සමග එක්වන්න’ ෆේස්බුක් පිටුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ‘එජාප ස්වේච්ඡා සේවකයෝ’ පිටුව දැන්වීම් 8ක් සඳහා ඩොලර් 3,559ක් වියදම් කර ඇති බව සඳහන්.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


එමෙන්ම ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට සහය පළ කරමින් දැන්වීම් 10ක් වෙනුවෙන් ඩොලර් 2,323ක් වැය කර ඇති බව අනාවරණ වී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් පළකළ දැන්වීම් 17ක් සඳහා ඩොලර් 661ක් වැය වී තිබෙනවා..

ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගත් අන්තර්ගතයන් සහිත පිටුවක් වන ‘Next Politics’ නම් ෆේස්බුක් පිටුව මෙම කාලය තුළ දැන්වීම් 54ක් සඳහා ඩොලර් 354ක් වියදම් කර ඇත.

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)

ඇරපු අතක් නෑ ආයේ "අප ඉගෙන ගත්තේ ඔබෙන්.."- බංගලි අරගලකරුවන් ශ‍්‍රී ලංකා අරගලකරුවන්ට තුති පුදයි. - (PHOTOS)


කෙසේ වෙතත් පක්ෂ සම්බන්ධය තවමත් නොදන්නා එහෙත් වික්‍රමසිංහට සහාය දක්වන අන්තර්ගතයන් සහිත ෆේස්බුක් පිටු ද නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළම වියදම් දැරූවන් අතරට සමගි තරුණ බලවේගය, එහි හිටපු උප සභාපති රෙහාන් ජයවික්‍රම, Webnews.lk සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට සම්බන්ධ පිටුවක් වන Glocal ඇතුළත් වේ.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.