රනිල් පෞද්ගලික සංචාර කියලා රට ගියෙත් ‍රජ‍යේ මුදලින්ද ? CIDයෙන් විමර්ශන

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

මෙම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරී නීලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ විමර්ශනය පවත්වාගෙන යනුයේ, පොදු දේපළ පනත යටතේ බව CID නිලධාරියෙකු සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලදී රාජ්‍ය වියදම් යෙදවීමක් සිදුවී ඇත්ද, එම වියදම් නීතිමයව නියමිත ක්‍රමවෙයින් සිදුකර ඇත්ද යන්න සෙවීම මෙම විමර්ශනයේ අරමුණ බවද වාර්තා වේ.

එසේම මෙම විමර්ශනයට අඳාළව හිටපු ජනාධිපතිවරයා යටතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්