ජනපති රනිල් දිවයින පුරා පාලම් 250 ක් ඉදි කිරීමේ සැලැස්මක...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Netherlands Presidential Update
By Parami Dissanayake Jun 03, 2024 02:32 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014-2024 කාලය තුළ දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයක් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයින පුරා පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පවසා සිටියා.

එතුමා වැඩි දරටත් සඳහන් කර ඇත්තේ, ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාවය වැඩිදියුණු කිරම සඳහා මෙය ක්‍රියාත්මක කරන බවයි.

මුහුදු රළ ප්‍රධාන මාර්ගයට...

මුහුදු රළ ප්‍රධාන මාර්ගයට...

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධවන ප්‍රදේශවල ජනතාවගේ ජිවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවන බවත්, රටේ ආර්ථිකය දියුණු විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටද එමඟින් ප්‍රතිලාභ හිමි වීම සහතික කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

දුම්රියෙන් ඇල්ල බැලීමට ගිය විදේශිකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ...

දුම්රියෙන් ඇල්ල බැලීමට ගිය විදේශිකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ...

කෙසේ වෙතත් , එම ඉලක්කය කරා ළඟා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බව පෙන්වාදුන්නේ ය.

අවසාන වශයෙන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුදකර සිටියේ ය.