හදිසි අසනීප තත්ත්වයට ප්රතිකාර ලැබීමෙන් පසු සුරේෂ් සලෙයි නැවතත් CIDට රැගෙන යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලෙයි කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබීමෙන් පසුව යළි එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.
ඒ අනුව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කළ බව මින් පෙර වාර්තා විය.
පසුගිය 2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ඔහුගෙන් ප්රශ්න කිරීම් සිදු කරමින් සිටියි. කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් පසුවත් ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව සඳහන්.