ඉන්දීය මහ කොමසාරිස්වරයත් හදිසියේ රනිල්ව හමුවූ හේතුව
Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) අතර හමුවක් අද (25) දින උදෑසන එජාපයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත් වූ බව වාර්තා වේ.
එම හමුවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික ,දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන්.
මේ අතර අද (25) දින උදෑසන විපක්ෂයේ කණ්ඩායම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරතව තිබුණා.