රමිත් රඹුක්වැල්ලට ඇප

Report

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) දින අධිචෝදනා භාරදීම සිදුව ඇත.

අඳාළ නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම මඟින් විත්තිකරුට විරුද්ධව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුව තිබුණා.

ඉන්පසු විනිසුරුවරයා විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කර ඇත.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

එසේම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

2022 වසරේ ජනවාරි මස 01 වන දින සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වන දින අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන එයින් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසටද කටයුතු කර ඇති මෙම විත්තිකරුට විරුද්ධව අඳාළ නඩුව ගොනු කර ඇත.

ඒ දූෂණ විරෝධී පනත යටතේයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය