පොලිස්පතිට සහ CID අධ්‍යක්ෂකට අධිකරණයෙන් ආඥාවක්..!

Report

රඹුක්කන සිද්ධියට අදාළව අභියාචනාධිකරණය විසින් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට අධිකරණය පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු නිලධාරීන් 4 දෙනෙකු විසින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති රීට් පෙත්සමක් අද (02) කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි ඔවුන්ට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කිරීම සිදුකෙරුණේ.

රඹුක්කන සිද්ධියට අදාළව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු 4 දෙනා මෙම රීට් පෙත්සම ගොනුකර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now