රජරට ආචාර්යවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරයි

Report

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුගේ සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර වී ඇති බව වාර්තා වෙයි.

විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට බොහෝ අවුල් සහගත තත්වයකට පත්ව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සදහන් කරයි.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුගේ සංගමය සදහන් කරන්නේ වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙල හේතුවෙන් මෙම වැඩවර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කළ බවයි.

ත්‍රීරෝද රථ ගාස්තු ගැන සංගමෙන් ඇසෙන දැඩී තීන්දුව

ත්‍රීරෝද රථ ගාස්තු ගැන සංගමෙන් ඇසෙන දැඩී තීන්දුව

වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීවරිය අනීතික අයුරින් විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් චෝදනාත්මකව සදහන් කරන්නේ මෙම අත්තනෝමතික සහ අනීතික පරිපාලන ක්‍රියාවලිය , විවිධ දේශපාලන අතපෙවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බවයි.  

ලොකු ගින්නක් ගෙවල් දෙකක් සම්පුර්ණයෙන්ම අළු වෙලා

ලොකු ගින්නක් ගෙවල් දෙකක් සම්පුර්ණයෙන්ම අළු වෙලා

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?