"හෙට සෑම නිවසකම ජාතික ධජය ඔසවන්න"
දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් විජයග්‍රහණයේ 16 වැනි සැමරුමට සමගාමීව සෑම නිවසකම හෙට (18) දින ජාතික ධජය ඔසවා රණවිරුවන්ට ගෞරව පුදකරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගැනීම සිහිපත් කිරීම වෙනුවෙන්.
අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් විසින් මෙම ඉල්ලීම සිදු කළ බව සඳහන්.
ඒ අනුව හෙට දිනට වසර 30ක් පුරා මෙරට තිබූ ශාපලත් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කොට වසර 16ක් සම්පූර්ණ වේ.
එසේම එළඹෙන 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී ජාතික විජයග්‍රාහී සැමරුම පැවැත් වීමට නියමිතව ඇත.
ඒ මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීම සිහි කිරීමට සහ රටට නිදහස දිනා දෙන්නට දිවිපිදු රණවිරුවන් ස්මරණය කිරීම සඳහායි.
මෙම සැමරුම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වීමට නියමිතයි.
මේ සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද දිනයේ ද සිදු වූ බව සඳහන්.
