දිවයින වටා අඩු පීඩන කලාප 2ක් - ඉදිරි දින 5 තුළ හදිසි ගංවතුර අවදානමක්

Report

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය නිසා ඊයේ සිට (25) උතුරු, උතුරු‑මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තීව්‍ර වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මාර්තුවේ සිට විෂ මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට නව නීතියක් එයි

මාර්තුවේ සිට විෂ මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට නව නීතියක් එයි

නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.   

බලපත්‍ර රහිත Blue Ocean සුරැකුම්පත් වංචාවකට එරෙහිව මහජනතාවට නව අනතුරු ඇඟවීමක්

බලපත්‍ර රහිත Blue Ocean සුරැකුම්පත් වංචාවකට එරෙහිව මහජනතාවට නව අනතුරු ඇඟවීමක්

මහනුවර විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතියට රු. මිලියන 696.75ක්

මහනුවර විලියම් ගොපල්ලව මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතියට රු. මිලියන 696.75ක්