අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසකට මිලිමීටර 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත්වලට එලෙස වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසයි.