සුළු මොහොතකයට පෙර ලංකාවටම බලාත්මක නිවේදනයක් - තද සුළං නිසා අද වෙන්න යන දේ
අද(25) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බවයි.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
ඊට අමතරව උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එහි දැක්වේ.