QR කේතය නැතුව පෙට්‍රල් ගන්න තිබුණු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඉන් අනතුරුව නැවතත් පෙට්‍රල් ලබාගැනීම සඳහා QR කේත ක්‍රමය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බව සංස්ථාව සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවසන් දිනය වන අද (17) දිනයේදීම අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇති විය හැකි අවුල් අවම කිරීම සඳහා සූදානම් වන ලෙසත්ය.