පාකිස්තානයට ඩොලර් බිලියන 8ක ආධාරයක්

Report

සෞදි අරාබිය පාකිස්තානයේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 8ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව අද  නිවේදනය කළේය.

සෞදි මාධ්‍ය ඒජන්සිය වාර්තා කළේ, පවතින ඩොලර් බිලියන 5ක තැන්පතුවේ කාල සීමාව දීර්ඝ කිරීම සහ අතිරේක ඩොලර් බිලියන 3ක තැන්පතුවක් ලබාදීම මගින් මෙම ආධාරය සිදුකරන බවයි.

රුපියල නැවතත් පහලට – ඩොලරය රු. 319 දක්වා ඉහළට

රුපියල නැවතත් පහලට – ඩොලරය රු. 319 දක්වා ඉහළට

මෙම තීරණය සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගවලට අනුකූලව ගෙන ඇත. සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ශක්තිමත් සබඳතාවය සහ අඛණ්ඩ සහයෝගීතාවය පිළිබිඹු වන මෙම ආධාරය, ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ පාකිස්තානයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ එහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන ඇත.

මෙම සහාය පාකිස්තාන පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ දෙරට අතර සහෝදරත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා 19 වෙනිදා දිවයිනට

ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා 19 වෙනිදා දිවයිනට