මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න

Report

 මැදපෙරදිග කලාපීය නොසන්සුන්කාරී යුධමය තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් ආයතනය තීරණය කර ඇත.

 මෙම සහන ගුවන් වාර අද (05) සිට ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සමාගම විසින් X සටහනක් තබමින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි යුරෝපීය නගර කිහිපයකටත්, රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ .

නමුත් කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා තිබීම හේතුවෙන් දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (Hamad International Airport) ආරම්භ වීමට තිබූ සාමාන්‍ය ගුවන් ගමන් තවමත් අත්හිටුවා ඇති බව සඳහන්ය .

මැද­පෙ­ර­දිග පවතින දරුණු යුද­මය තත්ත්ව­යෙන් තේ කර්මා­න්ත­යට එල්ල විය හැකි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සුදා­නම් ඇමැති සමන්ත කිය‍යි

මැද­පෙ­ර­දිග පවතින දරුණු යුද­මය තත්ත්ව­යෙන් තේ කර්මා­න්ත­යට එල්ල විය හැකි අභි­යෝ­ග­ව­ලට මුහුණ දෙන්න සුදා­නම් ඇමැති සමන්ත කිය‍යි

එම සමාගම වැඩිදුරටත් දන්වා තිබෙනුයේ සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් සීමාව සුරක්ෂිත බව තහවුරු කරන තෙක් දෝහා මෙහෙයුම් නැවත ආරම්භ නොකරන බවයි.

තවද මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ගුවන් ගමන් සඳහා නිල දැනුම්දීමක් ලැබෙන තෙක් ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙසයි .

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්