ලංකාව ආයේ බංකොලොත් වෙන බවට කැට තියන පුතානෝ, ආණ්ඩුවේ නොහැකියාව එක හුස්මට අතාරියි

SJB Sajith Premadasa Sri Lanka Economic Crisis Sinhala news NPP Government
By Kaushi Sep 01, 2025 09:06 AM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකාව මේ විදිහටම ගමන් කළහොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

ඒ අනුව විපක්ෂනායකවරයා මේ අදහස් දක්වා සිටියේ සිටියේ ඊයේ (31) දින අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදයට සහභාගී වෙමින්.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

එහිදී ඔහු විසින් " අද අපේ රටේ ඇත්තේ ඛේදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත් රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දි ජනතාව මංමුලා කර රවටා මුසාව ජයග්‍රහණය කර රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කර ඇති බවත් පිළිකා රෝහලේ පහසුකම් පවා මෙන්ම ඖෂධ හිගයට විසදුම් පවා ලබා දීමට නොහැකි වී ඇති බවත් දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යද්දි බුද්ධිගලනයට විසදුම් නොමැති බවත් ඊට අමතරව රටේ සංවර්ධන ගමන වේගවත් කරන්නට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන රජයක් රට පාලනය කරන බවත් ප්‍රකාශ කළා. තවද බඩුමිල වැඩි වි ආදායම් අඩු වී කර්මාන්තශාලා වැසී රට අතහැර යන තත්ත්වයක් මත රටේ දල දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40ක් පමණකගේ ජීවනෝපාය වී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපල පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කරන බවත් සහලින් ස්වයංපෝෂිත වූ රටක අද වන විට වීවලට සාධාරණ මිලක් පවා නොමැතිව සහල් ආනයනය කරන තැනට රට වැටී ඇති බවත් එයට හේතුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යැයි කියා ජාවාරම් ක්‍රියාත්මක කරන"  බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

එමෙන්ම "  අද වී ගොවියාගේ සිට සෑම කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව අනාථ වී ඇති බවත් ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ අදක්ෂ ආණ්ඩුව අද ගොවියා අසරණ කර ඇති බවත් මේ අය කියපු දේවල් දුන් පොරොන්දු සහ බලාපොරොත්තු ක්‍රියාත්මක කළ යුතු බවත් මොවුන් 159ක බහුතරය, ජනාධිපතිකම සහ පළාත් පාලන ආයතන බහුතරයක් තියා ගෙන රට වෙනුවෙන් කිසිත් නොකරණ බවත් මේ යන විදිහට ගියොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වෙන " බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න