පෙට්‍රල් සම්බන්ධයෙන් එකවරම විශේෂ තීරණයකට යයි..
ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් තොග මිල දී ගැනීම සඳහා රජයෙන් කැඳවූ ලංසු මගින් සිංගප්පූරු සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ මාස 06ක කාලයක් සඳහා ය.
ඒ අනුව 2024-7-15 සිට 2025-01-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් unl බැරල් මිලියන 1.5කට වැඩි සපයා ගැනීමක් සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබුවා.
ස්ථාවර තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය Aditya Birla Global Trading (Singapore) Pte. Lid.වෙත පිරිනැමීමට නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත්, මෙම යෝජනාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කර ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ය.