මහජන බැංකු විශ්‍රාමික සංගමයෙන් රට හදන්න ලක්ෂ 45ක්
රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කර තිබේ. මෙම පරිත්‍යාගයට මහජන බැංකු විශ්‍රාමික සංගමයේ 96 කණ්ඩායම් සාමාජිකයන් සහ දිස්ත්‍රික් සංවිධානවලින් ද දායකත්වය ලබා දී තිබුණි.
ඊට අදාළ චෙක්පත මහජන බැංකු විශ්‍රාමික සංගමයේ සභාපති රේමන් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පිරිනමන ලදි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මහජන බැංකු විශ්‍රාමික සංගමයේ ලේකම් ටී.ජී. විමලරත්න, උප සභාපති ජේ.පී. තිලකරත්න සහ දිස්ත්‍රික් නියෝජිත පිරිසක්ද එක්ව පිරිනැමීම් උළෙලට සහභාගී විය.