වාහන නම්බර් ප්ලේට් ලබා දීම සහ මිල ගණන් ගැන දැනුම් දීමක් -සුපිරි අංකයක් ලක්ෂ 10ක්

Report

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති සමග වාහන ආනයනය වැඩි වීමත් සමග ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබා ගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට වැඩිපුරම ඉතිරිව ඇත්තේ ලක්ෂ දහයක මුදලක් ගෙවා ලබාගත යුතු සුපිරි අංක බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. වාහන ලියාපදිංචියේදී ඊට අදාළ අංක සාමාන්‍ය පරිදි අනුපිළිවෙළට නොමිලේ නිකුත් කළද බොහෝ දෙනෙකු තමන් බලාපොරොත්තු වන ජයග්‍රාහී අංකය හෝ ආකර්ෂණීය අංකය මුදල් ගෙවා ලබාගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවැසීය. ඒ අනුව මුදල් ගෙවා තමන්ට අවශ්‍ය අංක ලබාගත හැකි ආකාරය වනුවේ පහත පරිදිය.

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

එකේ සිට 999 දක්වා වන අංකයක් ලබාගැනීමට රුපියල් ලක්ෂයක්, 1000 සිට 1999 දක්වා තමන් කැමති අංකයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක්, 2000 සිට 2999 අතර අංකයකට රුපියල් ලක්ෂ තුනක්, 3000 සිට 3999 අතර අංකයක් ගැනීමට රුපියල් ලක්ෂ හතරක් සහ 4000 සිට 4999 අතර කැමති අංකයක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ පහක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. එමෙන්ම 5000 සිට 9999 දක්වා කැමති අංකයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දහයක් ගෙවිය යුතු වේ.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

මේ අයුරින් තමන් කැමති අංක ලබාගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම්ද වැඩිවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කීවේය. මේ අතර පසුගිය දිනක මුළු ආදායම රුපියල් කෝටි දහයක් වූ බවද හෙතෙම පැවැසුවේය.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.