අරගලයට සහය දැක්විම සදහා අඩි ගණනක් උඩට ගිය තරුණයා මෙන්න...ඡායාරූප සහිතයි(Photos)

By Subodha Apr 21, 2022 07:38 AM GMT
Report

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමටත්, රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේ නියැලී සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටත් විරෝධය පාමින් වතු කම්කරුවෙකු අඩි 100 උසැති ගසක් මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

නොර්වුඩ් , ඉන්ජස්ට්‍රි තේ වත්තේ පහල කොටසේ පදිංචි පලණියන්ඩි මුරුගේෂ් නැමති (44) හැවිරිදි අයෙකු එම වතු යායේ තේ වත්තේ පිහිටි අඩි 100 පමණ උසැති ගසක් මත නැග සිංහ කොඩියක් අතැතිව මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

ඔහුට සහයෝගය දැක්වීම සඳහා එම වතුයායේ තවත් පිරිසක් ගස පාමුල රැඳී සිටින බවද සඳහන්.

ආරක්ෂක අංශ නිලධාරි තමන්ව ගසින් බැස්සවීමට උත්සහ කලහොත් ගසින් බිමට පැන සියදිවි හානි කර ගන්නා බවද ඔහු කියා සිටින බව වාර්තා වුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


GalleryGalleryGalleryGallery