ජනතාවට ලබාදෙන ණය පිළිබඳව සුභ ආරංචියක්

Report

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ධර්මතිලක මහතා දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූන්ට සිදුකරන ගෙවීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පවසයි.

ආපදා සහන ලබා දීම සම්බන්ධයෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. මේ වන විට ආපදාවට පත් ජනතාව රැඳී සිටින සුරක්ෂිතතා මධ්‍යස්ථාන 50ක් පවතින බවත් ඒ තුළ පවුල් 1,373කට අයත් සාමාජිකයින් 4,175ක් රැඳී සිටින බව,එහිදී අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පවසයි.

සිංහරාජයේ ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට තවත් කොස්තාපල්වරයෙකුට මාංචු

සිංහරාජයේ ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට තවත් කොස්තාපල්වරයෙකුට මාංචු

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ධර්මතිලක මහතා සඳහන් කළේ,

"අද වන විට සුරක්ෂිතතා මධ්‍යස්ථාන 50ක් පමණයි තියෙන්නේ.මේ සුරක්ෂිතතා මධ්‍යස්ථාන 50 තුළ පවුල් 1,373ක් සාමාජිකයින් 4,175ක් තවදුරටත් සුරක්ෂිතව බලාගනිමින් පවතිනවා. රුපියල් 25,000 දීමනාව මේ වන විට 98.2%කට ලබා දී අවසන්. රුපියල් 50,000 දීමනාව 81.5 අපි ගෙවලා තියෙනවා.

ඒ වගේම ජීවනෝපාය අහිමි වීම් 17.1%ක් තියෙනවා පවුල් 1,254ක් මේ සඳහා සුදුසුකම් ලබලා තිබෙනවා. ඒ වගේම කුලී නිවාස සඳහා සුදුසුකම් ලබනවා පවුල් 8,998ක්. නමුත් වේ වන විට කුලී නිවාස සොයා ගැනීමේ අපහසුතාව නිසා මේ කාර්ය තවමත් ප්‍රමාද වෙනවා. එයිනුත් පවුල් 1,018ක් අපි මේ වෙනකොට කුලී නිවාස ගත කරලා අවසානයි. පූර්ණ නිවාස හානි සඳහා සුදුසුකම් ලත් අයට ගෙවීම් කරලා තියෙනවා නිවාස 201කට තමයි දැනට ගෙවලා තියෙන්නේ මොකද ඉඩම් ප්‍රශ්න සහ එවැනි ගැටලු නිසා තමයි මේක ප්‍රමාද වෙන්නේ."

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වෙමින් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ විපතට පත් ජනතාවට මෙම දීමනා සම්බන්ධව හෝ වෙන යම් කිසි ගැටලුවක් පවතින්නේ නම් එම ගැටලු සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා 1904 දුරකථන අංකය හඳුන්වා දී ඇති බවය.

ඒ අනුව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දීමට පියවර ගන්නා බවත් පැවසූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පැවසුවේ එම පැමිණිලි සඳහා කොමසාරිස් කාර්යාලයද මැදිහත් වන බවය.

"මේ විපතට පත් ජනතාවට යම් කිසි ආකාරයේ ගැටලුවක් තිබෙනවානම් ඒ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට වාර්තා කරන්න අපි 1904 කියන දුරකථන අංකය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය මගින් හඳුන්වලා දීලා තිබෙනවා"

සැමියා එල්ල කරපු පෙට්‍රල් බෝම්බය හින්දා බිරිදට අත්වුණ අවාසනාවන්ත ඉරණම

සැමියා එල්ල කරපු පෙට්‍රල් බෝම්බය හින්දා බිරිදට අත්වුණ අවාසනාවන්ත ඉරණම

යනුවෙන්ද සඳහන් ප්‍රකාශ කළේය.