සිංහරාජයේ ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට තවත් කොස්තාපල්වරයෙකුට මාංචු

Report

සිංහරාජ අඩවිට අයත් ලංකා බේරිය වතුයායේදී ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පළවන තවත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකවෙල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙකි.

මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සූරියකන්ද පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යවා තිබිණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ තවත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන, මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

සිද්ධිය පිළිබඳව පොලිස්පති නීතීඥ මහතාට ලද පැමිණිල්ලක් අනුව, එය නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව, සහකාර පොලිස් අධිකාරී (පාලන) බී.එම්.ටී. බස්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණ ප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇත.

මේ පාර ලෝක කුසලානේ ඉන්දියාවටද? සුපිරි ජයක් සමඟින් ඉන්දියාව තියපු වාර්තාව

මේ පාර ලෝක කුසලානේ ඉන්දියාවටද? සුපිරි ජයක් සමඟින් ඉන්දියාව තියපු වාර්තාව

පසුගිය ජනවාරි 17 වැනිදා මෙම සිද්ධිය සැලසුම් සහගතව සාමූහික කණ්ඩායමක් ලෙස සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගොඩකවෙල පොලිසියේ කොස්තාපල්වරයාද එම අපරාධයට සම්බන්ධ බවට කරුණු හෙළි වීමෙන් අනතුරුව ඔහු පෙරේදා (12) නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා ප්‍රකාශ ලබාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි සූරියකන්ද, බුදුතොට රන්තොටි කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාරහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

ආරක්ෂිත පියවරක් ලෙස උල්හිටිය ජලාශය වාන් දොරටු තුනක් විවර කරයි - ජනතාවට දැනුම්දීමක්

ආරක්ෂිත පියවරක් ලෙස උල්හිටිය ජලාශය වාන් දොරටු තුනක් විවර කරයි - ජනතාවට දැනුම්දීමක්